Thursday, April 25, 2024

General line - 0115112241

ආර්ක්ටික් සාගරයේ අයිස් දියවීම වේගවත් වෙයි - කාලගුණ විපර්යාස රැසක්




ආර්ක්ටික් සාගරයේ අයිස් දියවීම අපේක්ෂිත මට්ටමට වඩා ඉතා සීඝ්‍රයෙන් සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා 

කැනඩා විශ්වවිද්‍යාලයීය මහාචාර්යවරුන් පිරිසක් සිදුකළ සමීක්ෂණයකින් මේ බව හෙළිවී ඇත්තේ.

25%ක පමණ ප්‍රමාණයකින් අයිස් දියවීම වේගත්වී ඇති බව එම වාර්ථාවේ දැක්වේ.

මීට පෙර විද්‍යාඥයින් අනාවැකි පළකර තිබුණේ 2040 - 2050 වසර ඇතුළත ආර්ක්ටික් සාගරයේ අයිස් සම්පූර්ණයෙන්ම දියවී යන බවටයි.
පවතින තත්ත්වය අනුව එය එම කාල වකවානුවට වඩා වේගවත් වන බව පැවසෙනවා.

මේ හේතුවෙන් ඉදිරියේදී කාලගුණ විපර්යාස රැසකට මුහුණදීමට සිදුවන ඇති බව ඔවුන් කියා සිටියේ.