Thursday, April 25, 2024

General line - 0115112241

යාල සෆාරි නවතී!

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




යාල ජාතික වනෝද්‍යානයට දිනකට පිවිසිය හැකි සෆාරි ජීප් රථ  ප්‍රමාණය සීමාකිරීමට විරෝධය පළකරමින් යාල සෆාරි ජීප් රථ හිමියන් පසුගිය 23 වනදා සිට ආරම්භ කළ විරෝධතාවය ස්ථිර විසදුමක් ලැබෙන තෙක් ක්‍රියාත්මක කරනබව යාල සෆාරි  ජීප් රථ සංගම් පවසා සිටිනවා.

සෆාරි ජීප් රථ හිමියන් 23 දින සිට ක්‍රියාත්මක කර ඇති මෙම විරෝධතාවය නිසා යාල තුලට සෆාරි ජීප් රථ මගින් ඇතුල් වීමට අපේක්ෂාවෙන් පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් ඔවුන්ගේ රුචි කම මත බුන්දල වනෝද්‍යානයට හා වෙහෙරගල වනෝද්‍යානයට රැගෙන යනබවයි යාල සෆාරි   ජීප් රථ හිමියන්ගේ සංගමයේ ලේකම්  තරිදු ජයසිංහ පවසන්නේ.
 

කෙසේ නමුත්  තම පුද්ගලික වාහන මගින් පැමිණි සංචාරකයින් පමණක් යාලට ඇතුළු වූ බවයි යාල උද්‍යාන බර කරු සියාසිංහ ප්‍රකාශ කර සිටියේ. සෆාරි ජීප් රථ හිමියන් ආරම්භ කර ඇති මෙම විරෝධතාවය අතර තුර විරෝධතාවය නොසලකා හැර   යාල ජාතික උද්‍යානයට සංචාරකයින් රැගෙන ගිය සෆාරි ජීප් රථ රියෙදුරෙකු හට ඊයේ (25) රාත්‍රී කිසියම් පිරිසක් පහරදී ඇති අතර පහරකෑමට ලක්වූ පුද්ගලයා මේ වනවිට රෝහල් ගත කර තිබෙනවා. කෙසේ නමුත් එම පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකු පොලිස් බාරයට ගත්බව තිස්සමහාරාම පොලිසිය පැවසුවා.
   

යාල ජාතික වනෝද්‍යානයට දිනකට පිවිසෙන වාහන ප්‍රමාණය  වැඩි වීම නිසා එහි පරිසර පද්ධතියට සිදුවන හානිය අවම කරගැනීම සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම පියවර ඇත. ඒ අනුව යල කලාප අංක එක සදහා  දිනකට එක්වාරයකට වාහන 100 දක්වා සිමා කර ඇති අතර, ඒ අනුව උදේ, දවල්, සවස යන වාර තුනටම යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු කළ හැක්කේ වාහන තුන්සියයක් පමණක් වේ.

ඊට අමතරව පාසල් සිසුන් හා දුරබැහැර සිට බස් රථ මගින්  පිවිසෙන  දේශීය සංචාරකයින්   සදහාද මෙම සීමාවෙන් ඉක්මවා ඇතුළු වීමට අවස්ථාවට දෙන බවයි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය  සැලසුම් අධ්‍යක්ෂක රන්ජන් මාරසිංහ ප්‍රකාශ කර සිටියේ.