Thursday, April 25, 2024

General line - 0115112241

කොටි වැළලූ අවි තොගයක් ගැන ඔත්තුවක්! යුධ උපකරණ රැසක්ම ඇතැයි සැකයක්!

දිනසේන රතුගමගේ




මුලතිව් අම්බලපොක්කනේ විද්‍යාලයේ ක්‍රීඩා භූමියට යාබදව එල්.ටී.ටී.ඊ. සංවිධානය සතු අවි ආයුධ තොගයක් සගවා ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත 25 දා සවස සිට විශාල ප්‍රදේශයක් බැකෝ යන්ත්‍රයක් යොදාගෙන හෑරීමට පටන් ගෙන ඇතත් තවමත් කිසිදු යමක් හමුවී නැතැයි පොලීසිය පවසනවා.

එල්.ටී.ටී.ඊ.සංවිධානයේ හිටපු සාමාජිකයෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව මුලතිව් පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන මෙම ප්‍රදේශයේ කැණීම් කටයුතු ආරම්භ කෙරුණා. දැනට ලැබී ඇති තොරතුරු වලට අනුව එල්.ටී.ටී.ඊ.සංවිධානය  යුද සමයේදී අවසන් දින කීපයේදී ඔවුන් සතු යුද උපකරණ රැසක්ම වළලා දමා පලාගොස් ඇත්තේ මෙම භූමි භාගයේය.

තොරතුර ලබාදුන් තැනැත්තා මීට ඉහතදීද ලබා දුන් තොරතුරු සත්‍ය බැවින් මෙම ස්ථානයේ අවි ආයුධ විශාල ප්‍රමාණයක් ඇති බව පොලීසිය විශ්වාසය පලකරනවා.

දැනට කැණීම් කරගෙන යන ස්ථානයට ඉතා නුදුරෙන් අම්බලපොක්කනේ පාසල පිහිටා ඇති අතර පාසලේ අධ්‍යාපන කටයුතු වලට  හා සිසුන්ගේ ආරක්ෂාවට බාධාවක් නොවන අන්දමට කැණීම් කටයුතු කරගෙන යන බව පොලීසිය පැවසුවා.