Thursday, April 25, 2024

General line - 0115112241

හිටපු මහ ඇමතිනිය පාක්ෂිකයින් ලක්ෂ ගණනක් සමග බුදු දහම වැළඳගන්නා බවට හින්දූන්ට අනතුරු අඟවයි




ආණ්ඩුව දලිත් කුල පීඩිත ජනතාව සම්බන්ධයෙන් අනුගමනය කරන පිළිවෙතේ වෙනසක් සිදු නොකෙරන්නේ නම් ඊට විරෝධය පළ කරමින් තමා ඇතුළු සිය අනුගාමිකයන් ලක්ෂ ගණනක් බුදු දහම වැළඳ ගන්නා බව උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුවේ හිටපු මහ ඇමතිනී මායාවතී ජන හමුවක් අමතමින් පවසා තිබෙනවා.

"දලිත් ජනතාව, ආදිවාසීන් සහ වෙනත් පහත් යැයි සම්මත සමාජ කණ්ඩායම් කෙරෙහි දක්වන කුලවාදී සහ වාර්ගික මානසිකත්වයේ වෙනසක් කර ගන්න කියන විවෘත්ත අභියෝගය මම පෙරට තබල තියෙනවා. එය ඉටු නොවුනොත් එම ජන කොටස් සමඟ අපේ ආගම් වෙනස් කරලා බුදු දහම වැළඳ ගන්නවා,

තවදුරටත් අදහස් දැක්වූ මායාවතී ,හින්දුවාදය තුළ කුල ධුරාවලිය අනුව සිදු කරනු ලබන වෙනස්කම් නිසා ඉන්දියානු ව්‍යවස්ථාවේ ප්‍රධාන නිර්මාර්තෘ ආචාර්ය බී.ආර් අම්බෙඩ්කාර් සිය ජීවිතයේ අන්තිම කාලයේ බුදු දහම වැළඳ ගන්නා ලද බවත් සිහිපත් කළා. අම්බෙඩ්කාර් මෙලෙස 1956 වසරේ දී බුදු සමය වැළඳ ගත්තේ හින්දු කුල ක්‍රමයට එරෙහිවය.