Friday, March 29, 2024

General line - 0115112241

අමෙරිකාවේ වසර 54ක රහස් එළියට! ජනපති කෙනඩි ඝාතනයේ රහස්‌ ලියවිලි මෙන්න




අමෙරිකාවේ හිටපු ජනපතිවරයෙකු වූ ජෝන් එෆ් කෙනඩි (John F. Kennedy) ඝාතනයට සම්බන්ධ වසර 54ක රහස්‍ය ලිපිගොනු 3000 මේ වනවිට එළිදක්වා තිබෙනවා.

අමෙරිකානු ජාතික ලේඛනාගාරයේ තැන්පත් කර තිබූ රහස්‌ ලියවිලි වලින් කෙනඩි ඝාතනයට අදාළ තොරතුරු මෙතෙක්‌ හෙලිකර තිබුණේ නැහැ.

කෙනඩි ඝාතකයා වන ලී හාවි ඔස්‌වල්ඩ් නම් තැනැත්තා බව ඇමරිකානු එෆ්.බී.අයි පොලිසිය පැවසුවත් මෙම රහස්‍ය ලිපිගොනු අනුව හෙලිවූයේ සී.අයි.ඒ සංවිධානය ඊට සම්බන්ධ බවයි.
 
කෙනඩිගේ හිසට වෙඩි උණ්‌ඩ දෙකක්‌ ඇතුල්වී තිබූ අතර එක්‌ උණ්‌ඩයක්‌ වැදී ඇත්තේ ඉදිරිපසින්. 

කෙනඩිගේ සිරුර රෝහලට ගෙනආ මීනී පෙට්‌ටියද ගුවනේ සිට මුහුදට දමා ඇති බව මෙම රහස්‍ය ලිපිගොනු මගින් අනාවරණය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තුළ සඳහන්.

සම්බන්ධිත පුවත : වසර 54ක රහස් ලිපිගොනු හෙළි කරන්න ට්‍රම්ප් සුදානම් (VIDEO/PHOTOS)