Thursday, April 18, 2024

General line - 0115112241

අඩු මිලට මාළු! විකුණන තැන් මෙන්න




අඩු මිලට මාළු අලෙවි කිරිමේ ජංගම සේවාවක් ලංකා ධීවර සංස්ථාව මගින් අද (27) සිට ආරම්භ කර තිබෙනවා. ඒ, මේ දිනවල දිවයින වටා මුහුදු කලාපයෙන් විශාල වශයෙන් මත්ස්‍ය අස්වැන්නක් ලැබීම හේතුවෙන්. විශේෂයෙන් දකුණු මුහුදු තීරයෙන් වැඩි වශයෙන් මත්ස්‍ය අස්වැන්නක් ලැබීම නිසා මත්ස්‍ය මිල ගණන් ඉතා පහළ මට්ටමක පවතින බවයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය පැවසුවේ.

ඒ අනුව, ධීවර සංස්ථාවේ ලොරි මගින් අද සිට මසුන් අලෙවි කරන බවද එම අමාත්‍යංශය පැවසුවා.

අද දිනය තුළ කිරිබත්ගොඩ, ගල්කිස්ස, සෙත්සිරිපාය, මාලිිගාවත්ත, කොටුව දුම්ැරිය ස්ථානය, ගම්පොළ, තලවකැලේ සහ ගම්පහ යන ප‍්‍රදේශවල මෙම සේවාව ක‍්‍රියාත්මකයි.