Saturday, April 20, 2024

General line - 0115112241

රටවල් රැසක සංක්‍රමණිකයන්ට අමෙරිකාව තහනම් වෙයි




අමෙරිකාව වෙත සංක්‍රමණිකයන් පැමිණීම වළක්‌වන සැලසුමක්‌ අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් විසින් කෙටුම්පත් කර තිබෙනවා.

ඒ අනුව රටවල් 11ක සිට අමෙරිකාව වෙත සංක්‍රමණිකයන්ට පැමිණීමට හැකි වන්නේ නැහැ.

ඊජිප්තුව, ඉරාකය, ඉරානය ලිබියාව, මාලි, උතුරු කොරියාව, සෝමාලියාව, දකුණු සුඩානය, සුඩානය, සිරියාව සහ යේමනය යන රටවල් මෙම ලැයිස්තුවට අයත් වනවා.

මේ හැර එම රටවල සිටින පලස්‌තීනුවන්ටද අමෙරිකාවට පැමිණීම තහනම් බව විදෙස් මාධ්‍ය වාර්තා තුළ සඳහන්.

මෙම සංක්‍රමණියන්ගෙන් අමෙරිකාවට අනතුරුදායක තත්ත්වයක්‌ ඇති විය හැකි බවයි ඇමරිකානු රජය කියා සිටියේ.