Saturday, April 20, 2024

General line - 0115112241

ආගන්තුක උල්කාෂ්මයක් අපේ සූර්ය ග්‍රහ මණ්ඩලයට ඇතුළුවෙයි 




වෙනත් සූර්යග්‍රහ මණ්ඩලයකින් පැමිණි උල්කාෂ්මයක් පෘථිවිය ඇතුළු අප සූර්ය ග්‍රහ මණ්ඩලයේදී පළමු වරට නිරීක්ෂණය කළ බව ඇමරිකානු නාසා ආයතනය පවසනවා.

මෙම උල්කාෂ්මය A / 2017 U1 ලෙස නම් කර තිබෙනවා.

මීටර 400 ක පමණ විශාලත්වයක් සහිත එම උල්කාෂ්මය තත්පරයකට සැතපුම් මිලියන 27 ක වේගයෙන් ගමන් කරනු ලබනවා.

මෙය ආගන්තුක සූර්ය ග්‍රහ මණ්ඩලයකින් පැමිණ ඇති බව නාසා ආයතනය පවසනවා.

පසුගිය ඔක්තෝම්බර් 19 වනදා එය මුල්වරට නිරික්ෂණය කර ඇත්තේ ඇමරිකානු හවායි තාරකා විද්‍යා ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් විසින්.