Friday, April 19, 2024

General line - 0115112241

කත්මන්ඩු අගනුවරදී බසයක් ගංඟාවකට පෙරළෙයි - 31 දෙනෙකු මරුට 




නේපාලයේ කත්මන්ඩු (Kathmandu) අගනුවර තැනිතලා ප්‍රදේශයක මාර්ගයකදී බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගංඟාවකට පෙරළී තිබෙනවා.

අනතුරින් බස් රථයේ ගමන්ගත් මගීන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා තුළ සඳහන්.

ජලයට වැටුණු බස් රථයේ සිටි තවත් 15 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම පිරිස දකුණුදිග තැනිතලා ප්‍රදේශයේ පැවති හින්දු ආගමික උත්සවයකට සහභාගිවී නැවතත් සිය ගම්බිම් බලා පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත්තේ.