Friday, April 19, 2024

General line - 0115112241

ස්පාඤ්ඤය එක්සත් කිරිමට බාසිලෝනාහිදි රැළියක්

බීබීසී




ස්පාඤ්ඤය එක්සත් රටක් ලෙස පැවතිය යුතු බවට බල කෙරෙන දැවැන්ත විරෝධතා රැළියක් මේ වනවිට බාසිලෝනාහිදි පැවැත්වෙනවා.

මෙම රැළිය පැවැත්වෙන්නේ එරට ආණ්ඩුව විසින් කැටලෝනියාවේ ස්වයං පාලන බලතල ඉවත් කර එහි ආණ්ඩු බලය ඊයේ සියතට ගැනීමෙන් පසුවයි.

කැටලෝනියාව නිදහස් රාජයයක් ලෙස ප්‍රකාහයට පත් කිරීම සහා කැටලන් පාර්ලිමේන්තුව ඉකුත් සිකුරාදා අනුමැතිය ලබා ගත්තා. 

ඒ අනුවයි කැටලන් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ස්පාඤ්ඤ අගමැතිවරයා තීරණය කළේ.

මේ වනවිට පැවැත්වෙන රැළියට සහභාගී වි සිටින පිරිස් අවධාරණය කරන්නේ බලයෙන් පහ කළ කැටලන් නායකයා අත්අඩංගුවට ගෙන සිරගත කළ යුතු බවයි.