Friday, March 29, 2024

General line - 0115112241

ගෙවත්තකට පැමිණි දැවැන්තයා (PHOTOS)

රොෂාන් තුෂාර - පොළොන්නරුව




පොලොන්නරුව, කවුඩුල්ල පින්පාර ප‍්‍රදේශයේ ගෙවත්තකට පැමිණි දැවැන්ත ගැට කිඹුලෙකු වනජීවී නිලධාරීන් විසින් අද (30) අල්ලා ගත්තා.

අඩි අටක් පමණ දිග මෙම ගැටකිඹුලා කවුඩුලූ ඔයේ සිට පැමිණ ඇති බවයි වනජීවී නිලධාරීන් පැවසුවේ.

ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකයේ නිලධාරීන් සහ මැදිරිගිරිය නව නගරයේ වනජීවී නිලධාරීන් කිඹුලා අල්ලාගැනීමේ මෙහෙයුමට එක්ව සිටියා.

කිඹුලා අල්ලාගැනීමෙන් පසුව කවුඩුල්ල ජාතික වන උද්‍යානයට මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.