Wednesday, April 24, 2024

General line - 0115112241

ඩුබායි අහසේ සුපිරිතම රාමුවක් ගෙනෙමින් 'ලොවට දායාද වන'  Dubai Frame ගැනයි මේ (VIDEO)

සඳුන් සූරියවැව - අන්තර්ජාලය ඇසුරිනි




Dubai Frame ලෙසින් හැඳින්වෙන ඩුබායි හි ඉදිකරමින් පවතින දැවැන්ත කුළුණු ළඟදීම විවෘත කිරීමට නියමිතයි.

 

ඩිරාම් මිලියන 160ක් වැය කරමින්  ඉදි කළ මෙය  ඩුබායි හි පිහිටි බර්ජ් කලීෆා ලෙසින්ම  සංචාරකයින්ගේ කැමැත්ත ලබාගනු ඇති බව ඔවුන්ගේ අදහසයි.

ගෘහ නිර්මාණ ශිල්පියෙකු වූ ෆර්නෑන්ඩු ඩෝනිස්ගේ නිර්මාණයක් වන මෙම Dubai Frame මීටර් 150ක් උසැති වන අතර මීටර් 93 ක් පළලැති සමචතුරස්‍රාකාර එකක් වනවා.

ඩුබායි ඉතිහාසගත තොරතුරැ ඇතුළත් කෞතුකාගාරයක් ද මෙහි ස්ථාපිතයි.


ඩුබායි නගර⁣ ආකර්ෂණය නව දිසාවකට  යොමු කිරීමේ අරමුණින්  Dubai Frame ඉදිකරනු ලැබූවා.

එහි දර්ශන පහතින් නැරඹිය හැකියි.