Wednesday, April 24, 2024

General line - 0115112241

ඔබාමාට දවසට රුපියල් 2650ක වැටුපකට උසාවියක රැකියාවක්




අමෙරිකා එක්සත් ජනපදයේ ඉලිනොයි ප්‍රාන්තයේ උසාවියකින් හිටපු ජනාධිපති බරක් ඔබාමා ජූරි සේවය සඳහා කැඳවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

හිටපු ජනාධිපති ඔබාමා එම කැඳවීමට අනුව උසාවියේ පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කරන එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසනවා. හිටපු ජනාධිපතිවරුන් වන බිල් ක්ලින්ටන් සහ ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ද මේ අයුරින්ම ජූරි සේවය සඳහා අධිකරණය විසින් කැඳවා තිබෙනවා.

සෙනෙට් සභාවට පත්වීමට ප්‍රථම චිකාගෝ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්යවරයකු ලෙස වසර 12ක් ඔබාමා කටයතු කරතිබෙනවා. ඔහු නීති අධ්‍යාපනය ලබන්නේ හාවඩ් විශ්ව විද්‍යාලයෙනි.

අමෙරිකානු දිසා අධිකරණයකට ජූරි සභිකයෙකු ලෙස කැඳවන පුද්ගලයෙකුට දිනකට ඩොලර් 17.25 (රුපියල් 2650) ක් ගෙවනු ලබනවා.