Friday, March 29, 2024

General line - 0115112241

ක්‍රීඩාංගණවලට එන්න සෞදි කාන්තාවන්ට අවසර




 ක්‍රීඩා තරග සහ ක්‍රීඩා උලෙළ නැරැඹීමට ක්‍රීඩාංගණ වලට පැමිණීමට සෞදි කතුන්ට අවසර ලබා දීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ලබන වසරේ සිට මෙම තීරණය ක්‍රියාත්මක කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

රියාද්, ජෙඩා සහ දම්මාන් යන ප්‍රධාන නගරවල ප්‍රධාන ක්‍රීඩාංගණ වෙත යෑමට සෞදි කතුන්ට මෙතෙක් අවසර හිමිව තිබුණේ නැහැ.

සෞදිය මේ වනවිට නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දී ඒවා ක්‍රියාත්මක කරමින් සිටිනවා.

සෞදියේ රියදුරු බලපත්‍ර මෙතෙක් නිකුත් කෙරුනේ පිරිමි පුද්ගලයන්ට පමණක් වුවද මින් ඉදිරියට රියදුරු බලපත්‍රය කාන්තාවටද හිමිවනු ලබනවා.

මෙම නව ප්‍රතිසංස්කරණ හඳුන්වාදෙනු ලැබුවේ 32 හැවිරිදි සෞද් කුමරුන් විසින්.

ඔහු ප්‍රකාශ කර ඇත්තේ විදෙස් රටවල් සම්බන්ධයෙන් සෞදි අරාබිය දරනු ලබන ස්ථාවරය ද වෙනසකට ලක්විය යුතු බවයි.