Friday, April 26, 2024

General line - 0115112241

සයිටම් අහෝසි කිරීමෙන් සටන නවතින්නේ නැහැ



සයිටම් ආයතනය අහෝසි කිරීමෙන් පසුව බිහිවන අධ්‍යාපන ආයතනයේ ප‍්‍රමිතිය සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප‍්‍රසාද් කොළඹගේ මේ බව සඳහන් කළේ ඊයේ (30) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.

වැඩසටහනට එක්වූ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දෙමව්පිය සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක විමල් සමරකෝන් කියා සිටියේ දැනට වෛද්‍යවරුන් ලෙස කටයුතු කරන පුද්ගලයින්ගේ ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ද රජය අවධානය යොමු කළ යුතු බවයි.

ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.