Thursday, April 25, 2024

General line - 0115112241

රියදුරෙකු නැති වාහනයක් මෙන්න

වසන්ත පිවිතුරු




රියදුරෙකු රහිතව ගමන් කළ හැකි නව වාහනයක් ජර්මනියෙන් හඳුන්වා දී තිබෙනවා.

මෙම වාහනය ඊසි ටෙන් යන නමින් හැඳීන්වෙන අතර ඉන් පුද්ගලයින් දස දෙනෙකු ගමන් කළ හැකි බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මෙහි පරික්ෂණ ගමන්වාරය පසුගියදා ජර්මනියේ දී සිදුවූ අතර එය සාර්ථක බවයි වාර්තා වන්නේ.

රියදුරෙකු රහිතව මෙම වාහනය මාර්ගයේ නිවැදි ඉසව්වට ගමන් කරනු ලබන්නේ ජී.එස්.පී තාක්ෂණය ආධාරයෙන් බව වැඩිදුරටත් සඳහන්.

ඊසි ටෙන් වර්ගයේ මෙම වාහන ඉදිරියේ දී ජර්මනියේ කෙටි දුර සඳහා පොදු ප්‍රවාහන පද්ධතියට එක්කිරිමටයි එරට බලධාරින් තීරණය කර තිබෙන්නේ.