Thursday, April 25, 2024

General line - 0115112241

පුද්ගලයින් නව දෙනෙකුගේ ශරීර කොටස්  නිවසකින් හමුවෙයි (PHOTOS)




පුද්ගලයින් නව දෙනෙකුගේ ශරීර කොටස් කැබලි වලට කපා තම නිවසේ ශීතකරණ කිහිපයක තබාගෙන සිටි ජපාන ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීම වාර්තාවන්නේ ජපානයේ ටෝකියෝ නගරයෙන්.

අත්අඩංගුවට ගත් තැනැත්තා  27 හැවිරිදි පුද්ගලයෙක් වනවා.

ජපානයේ ටෝකියෝ නගරයට අසන්න ප්‍රදේශයකදී දින කිහිපයකට පෙර තරුණියක් අතුරුදන්වී තිබෙනවා.

තරුණිය අතුරුදන් වීම සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන වලදී, ප්‍රදේශයේ CCTV කැමරාවක මෙම තරුණිය සමග සැකකරු සිටි බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී ශීතකරණ තුල ගබඩාකර තිබූ මිනිස් සිරුරු කොටස් හමුවූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

සැකකරු විසින් එම සිරුරු කොටස් ආහාරයට ගැනීම සඳහා ගබඩාකර ඇති බවට සැකකෙරෙනවා.