Thursday, April 18, 2024

General line - 0115112241

කාර්ය මණ්ඩල සහය නැතිව නවීන තාක්ෂණයෙන් සියල්ල සිදුවෙන සිංගප්පූරුවේ ගුවන්තොටුපොළ




සිංගප්පූරුවේ චැංගී (Changi Airport) ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අති නවීන තාක්ෂණයෙන් සමන්විත වී තිබෙනවා.

මෙම ගුවන් තොටුපොළට පැමිණෙන සහ පිටවී යන මගීන්ගේ සියලු කටයුතු පරිගණක ජාල හරහා සිදුවන බවත් ගුවන්තොටුපොළ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ගේ මැදිහත්වීමක් සිදුනොවන බවත් වාර්තා වනවා.

මුහුණු ස්කෑන් කිරීමෙන් පැමිණෙන මගියා කවුරුදැයි හඳුනා ගැනීම පරිගණක ජාල මගිනි සිදු කරනවා. මගීන්ට කළ යුතුව ඇත්තේ ඔව් සහ නැහැ යනුවෙන් පිළිතුරු දී යෑම පමණයි.

ගුවන් යානයට ගොඩවනතුරු මඟ පෙන්වීමක් ද නව පරිගණක පද්ධතිය මගිනි සිදුවන බව විදෙස් මාධ්‍ය වාර්තා තුළ සඳහන්.

මෙම නව තාක්ෂණය භාවිතා වන්නේ ගුවන් තොටුපොළේ සිවුවැනි පර්යන්තයේ පමණයි. ඉදිරියේදී සම්පුර්ණ ගුවන්තොටුපළ සඳහාම මෙම තාක්ෂණය හඳුන්වාදීමට නියමිතව පවතිනවා.

නවීන තාක්ෂණයෙන් සේවා ආරම්භ වූයේ හොංකොං බලා පියාසර කළ කැතේ පැසිෆික් ගුවන් යානයකින්. 

 

 

A