Friday, April 19, 2024

General line - 0115112241

සංක්‍රමණික කඳවුරු වැසීමට ඕස්ට්‍රේලියා තීරණයක




නීතිවිරෝධීව ඕස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන් රවා සිටින පැපුවා නිව්ගිනියාහි රැවුම් මධ්‍යස්ථානය වසා දැමීමට තීරණය කර තිබෙනවා.

බෝට්ටුවලින් පැමිණෙන නීතිවිරෝධී සංක්‍රමණිකයින් ඕස්ට්‍රේලියාව විසින් රඳවනු ලබන්නේ පැපුවා නිව්ගිනියාහි මැනුස් දූපතේ හා නාවුරු දූපතේයි.

මැනුස් දූපතේ පිහිටි මධ්‍යස්ථානය අද (31) පස්වරුවේ වසා දමන බවත් එහි විදුලිය, ජලය හා ආහාර සැපයුම නතර කරන බවටත් ප්‍රාදේශීය බලධාරීන් අනතුරු අවා ඇති බවටයි විදෙස් මාධ්‍යයන්හි දැක්වෙන්නේ.

එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබ කොමිසමේ වාර්තාවලට අනුව මෙම මධ්‍යස්ථාන දෙකෙහිම සිටින සංක්‍රමණිකයින් සංඛ්‍යාව 1700කට ආසන්නයි.

රැවුම් මධ්‍යස්ථානය වසා දැමීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ඔවුන් නීතිමය පියවර ගැනීමට සූදානම් වන බවට ද විදෙස් මාධ්‍ය අද (31) වාර්තා කර තිබුණා.