Wednesday, April 24, 2024

General line - 0115112241

"හොඳම ක්‍රීඩකයා රංගන.. වැඩිම සම්මාන තවත් ක්‍රීඩකයෙකුට" - ඊයේ රෑ සම්මාන ගත් ක්‍රිකට් තරු මෙන්න

තරංග රුක්ෂාන් ජයසේකර/කසුන් කැලුම්




වසරේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට හිිමි සම්මානයෙන් පිදුම් ලැබීමට රංගන හේරත් ඊයේ (31) රාත‍්‍රියේ සමත් වුණා.

ඒ, ඩයලොග් ක‍්‍රිකට් සම්මාන රාත‍්‍රියේදීයි. 2016 වසරේ  දක්ෂතා පදනම් කර ගනිමින් මෙම සම්මාන ප‍්‍රදානය සිදු කෙරුණා.

එහිදී වසරේ හොඳම ටෙස්ට් පන්දු යවන්නාට හිමි සම්මානය ද හිමි වූයේ රංගන හේරත්ටයි.

මෙම සම්මාන රාත‍්‍රියේ වැඩිම සම්මාන සංඛ්‍යාවකින් පිදුම් ලැබූ ක‍්‍රීඩකයා බවට පත්වීමට තුන් ඉරියව් ක‍්‍රීඩක අසේල ගුණරත්න සමත් වුණා. ඔහුට හමිවූ සම්මාන සංඛ්‍යාව 04ක්.  ඒ අතරට පන්දුවාර විස්සයි විස්ස හොඳම පිතිකරු, විස්සයි විස්ස හොඳම තුන් ඉරියව් ක‍්‍රීඩකයා, එක්දින හොඳම තුන් ඉරියව් ක‍්‍රීඩකයා සහ මතු බලාපොරොත්තු තැබිය හැකි ක‍්‍රීඩකයාට හිමි සම්මාන අයත්. 

වසරේ හොඳම ටෙස්ට් තුන් ඉරියව් ක‍්‍රීඩකයා ලෙස දිල්රුවන් පෙරේරා සම්මාන දිනා ගත්තා.

හොඳම ටෙස්ට් පිතිකරු ලෙස සම්මානයට පාත‍්‍ර වූයේ ධනංජය ද සිල්වායි. හොඳම එක්දින පිතිකරු කුසල් මෙන්ඩිස්. සුරංග ලක්මාල් හොඳම එක්දින පන්දු යවන්නා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවා.

පන්දුවාර විස්සයි විස්ස හොඳම පන්දු යවන්නා වූයේ ලසිත් මාලිංගයි.

වසරේ කාන්තා ක‍්‍රිකට් ක‍්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මාන දිනා ගත්තා.