Thursday, April 25, 2024

General line - 0115112241

අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේ අවධානමකට ලක්වෙලා (PHOTOS)

කාංචන කුමාර ආරියදාස




අවුකන බුද්ධ ප‍්‍රතිමා වහන්සේ අකුණු අනතුරු හේතුවෙන් අවධානමකට ලක්ව ඇතැයි අවුකන රජමහා විහාරාධිපති පූජ්‍ය ශාස්ත‍්‍රවේලියේ ධම්මකිත්ති හිමියන් පවසනවා.

උන්වහන්සේ කියා සිටියේ බුද්ධ ප‍්‍රතිමා වහන්සේගේ ආවරණය සඳහා 2015 වසරේ ඉදිකළ යකඩ තහඩු සහිත වහලයද අබලන් වී ඇති බවයි. එහි අකුණු සන්නායකයක් ද නොමැති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

වැසි වතුර පවා මේ වනවිට බුද්ධ ප‍්‍රතිමා වහන්සේ මතට වැටෙන බවයි උන්වහන්සේ කියා සිටියේ. 

අවුකන බුද්ධ ප‍්‍රතිමා වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනමින් විශේෂ වැඩපිළිවෙලක් සකසන ලෙසටයි අවුකන රජමහා විහාරාධිපති පූජ්‍ය ශාස්ත‍්‍රවේලියේ ධම්මකිත්ති හිමියන් ඉල්ලා සිටියේ.