Friday, April 19, 2024

General line - 0115112241

අෂීශ් නෙහෙරාගේ අවසන් ජාත්‍යන්තර තරගය

කසුන් කැළුම්




සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගය දිල්ලි නුවර ෆිරෝස් ෂාකොට්ලා ක්‍රිඩාංගනයේදී අද (01) පැවැත්වෙනවා.

ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක අෂීශ් නෙහෙරා සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ සහභාගි වන අවසන් තරගය ද මෙය වනවා.

ඉන්දීය  කණ්ඩායම අද (01) තරගයට පිවිසෙන්නේ නවසීලන්තය සමග පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය දෙකට එකක් ලෙස ජයගැනීමෙන් අනතුරුවයි.

නවසීලන්ත කණ්ඩායම අන්තර්ජාතික පන්දුවාර 20 ශ්‍රේණිගත කිරීම් සටහනේ මේ වනවිට පළමු ස්ථානයේ පසුවනවා.

ඉන්දීය කණ්ඩායම එහි පසුවන්නේ පස්වන ස්ථානයේයි.