Wednesday, April 24, 2024

General line - 0115112241

ලංකාවට තියුණු ජයක්




බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම සමග පැවති පළමු එක්දින කි‍්‍රකට් තරගයෙන් කඩුලූ 2 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා ඒ කණ්ඩායම අද (02) අලූයම සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් ඒ කණ්ඩායම සියල්ලන් දැවී රැුස් කළේ ලකුණු 176 ක් පමණයි.

පන්දු යැවීමේදී ලහිරු කුමාර ලකුණු 26 කට කඩුලූ 3 ක් සහ අමිල අපොන්සු ලකුණු 34 කට කඩුලූ 3 ක් දවා ගනිමින් දස්කම් දැක්වුවා. ලකුණු 177 ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශී‍්‍ර ලංකා ඒ කණ්ඩායමේ පිතිකරුවන්ට කොදෙව් ඒ පිළේ පන්දු යවන්නන් දැඩි පීඩනයක් එල්ල කළා. ඒ අනුව ශී‍්‍ර ලංකා ඒ ඉනිමේ මුල් කඩුළු 5 බිද වැටුණේ ලකුණු 95 ක් තුළයි.

චරිත් අසලංක ලකුණු 33 ක් සහ ෂෙහාන් ජයසූරිය නොදැවී ලකුණු 31 ක් රැුස් කරමින් ශී‍්‍ර ලංකා ඒ කණ්ඩායමට ජය මාවත විවර කර දුන්නා. තරගය පැවැත්වුණේ ජමෙයිකාවේදීයි.

මෙම ජයග‍්‍රහණයත් සමග තරග 3 කින් සමන්විත මෙම එක්දින කි‍්‍රකට් තරගාවලියේ එකට බින්දුවක් ලෙස පෙරමුණ ගැනීමටද ශී‍්‍ර ලංකා ඒ කණ්ඩායම සමත් වී තිබෙනවා. දෙරට අතර දෙවන එක්දින කි‍්‍රකට් තරගය ජමෙයිකාවේදී හෙට පැවැත්වීමට නියමිතයි.