Thursday, March 28, 2024

General line - 0115112241

නෙත් එෆ් එම් ස්වේත පූජා පොහොය දින වැඩසටහන සාර්ථකව අවසන්(PHOTOS)




නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ස්වේත පූජා පොහොය දින වැඩසටහන කළුතර බෝ සමිදුන් අභියසදි අද (03) සාර්ථකව අවසන් වුණා.

ඒ සඳහා දහස් සංඛ්‍යාත සැදහැවතුන් පිරිසක් එක්ව සිටියා.

පහන් කන්ද ආශිර්වාද පූජාව අද (03) පස්වරුවේ පැවැත්වුණේ ද කළුතර බෝ සමිඳුන් අභියසදියි.

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ශාසනාභිවන්දනා සවිරාමික මහා පිංකමේ තාවකාලික පැවිද්ද ලත් මෙහෙණින් වහන්සේ ද මීට එක්ව සිටියා.

----------------

ඉල් පුර පසළොස්වක පොහොය අදයි - නෙත් එෆ්.එම් ස්වේත පූජා කළුතර බෝ සමිඳු අබියසදී (03-11-2017 06:35)

ඉල් පුර පසළොස්වක පොහොය අද (03)ට යෙදී තිබෙනවා. බෞද්ධ ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක්ම මෙම පොහෝ දිනයේදී සිදු වී ඇති බවයි මහා සංඝරත්නය සිහිපත් කළේ. 

මෛත්‍රී බෝසතුන් බුදුබව ලැබීමට විවරණ ලැබීම, ධර්ම ප්‍රචාරය සඳහා පළමු රහතන්වහන්සේලා සැට නම චාරිකාව ඇරඹිම, කඨින පූජෝත්සව පැවැත්වෙන අවසන් පොහොයද ඒ අතර වනවා.

බෞද්ධ ඉතිහාසයේ මෙම වැදගත් සිදුවීම් ද සිහියට නගා ගනිමින් අද පිංකම්හි යෙදෙන්නැයි බෞද්ධ සැදහැවතුන්ගෙන් මෙහිදි ඉල්ලීමක් ද කෙරුණා. 

මේ අතර, නෙත් එෆ් එම් රේඩියෝව පොහෝ දිනයන්හි සංවිධාන කරන ස්වේත පූජා වැඩසටහන අද පැවැත්වෙන්නේ ඓතිහාසික කලූතර බෝ සමිදුන් අබියසදීයි. පූජ්‍ය ගලිගමුවේ ඥානදීප හිමියන් විසින් මෙහෙයවනු ලබන ධර්ම දේශනා සහ ධර්ම සාකච්ඡා ද ඊට ඇතුළත් වනවා. පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියන් විසින් මෙහෙයවනු ලබන පහන් කන්ද ආශිර්වාද පූජාව අද සිදු කෙරෙන්නේ ද ඓතිහාසික කලූතර බෝ සමිදුන් අබියසදීයි.

නෙත් එෆ් එම් රේඩියෝව සංවිධාන කරන ශාසනාභිවන්දනා සවිරාමික මහා පිංකම යටතේ තාවකාලික පැවිද්ද ලත් කාන්තාවන් ද ශ්වේතපූජා වැඩසටහනට සහභාගි වනවා.