Thursday, April 25, 2024

General line - 0115112241

මහගිරිදඹේ කඩා වැටුණු කුණු කන්ද ගැන පරික්ෂණයක් (PHOTOS) (VIDEO)

හැටන්- රංජිත් රාජපක‍්ෂ




නල්ලතන්නිය - ශ්‍රීපාද  මාර්ගයේ මහගිරිදඹ ප්‍රදේශයට ඉකුත්දා කඩා වැටුණු කසල කන්ද පිළිබඳ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පරීක‍්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එහි පරීක‍්ෂණ වාර්තාව ලබන සතියේ ලබාදීමට නියමිත බවයි එම ආයතනයේ නිලධාරියෙකු ප්‍රකාශ කළේ.

ශ්‍රීපාද උඩමළුවට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග එහි එක්රැස්ව තිබූ කැළිකසල කන්දක් මහගිරිදඹ ප්‍රදේශයට කඩා වැටී තිබුණා.

යළි එවැනි අවදානමක් පවතින්නේද යන්න පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් මෙහිදී පරීක‍්ෂාවකට ලක්කර තිබෙනවා.

ඉකුත්දා කඩා වැටුණු කසළ කන්ද ඉවත් කර එම මාර්ගය යථා තත්ත්වයට පත්කරනු ලැබුවේ පොලීසිය, සිවිල් ආරක‍ෂක, යුද හමුදා සහ නාවික හමුදා නිලධාරීන් එක්වයි.

මෙවර ශ්‍රීපාද වන්දනා සමය ලබන උදුවප් පොහොය දිනයෙන් ආරම්භවීමට නියමිතව තිබෙනවා.