Thursday, April 18, 2024

General line - 0115112241

හැටන් ප්‍රදේශයට එල්ල වු අකුණු සැර(PHOTOS)

හැටන් - රංජිත් රාජපක්ෂ




අකුණු සැර වැදීම හේතුවෙන් හැටන්, බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ නිවාස රැසක තිබූ විදුලි උපකරණ රැසකට හානි සිදුව තිබෙනවා.

අද (03) පස්වරු 3.30 ට පමණ සිදුවූ මෙම අනතුරෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවයි ප්‍රදේශවාසීන් නෙත් නිවුස් වෙත කියා සිටියේ.

සිය නිවසේ තිබූ රූපවාහිනි යන්ත්‍ර, ගුවන් විදුලි යන්ත්‍ර සහ ශීතකරණ ඇතුළු විදුලි උපකරණ රැසකට මින් හානි සිදුවූ බවද ඔවුන් කියා සිටියා.