Wednesday, April 24, 2024

General line - 0115112241

මාස 9ක දරුවා දියේ කරන සෙල්ලම (VIDEO)

වසන්ත පිවිතුරු




ඕස්ට්‍රේලියාවේ මවක් සිය මාස නවයක් වූ බිළින්දාට පිහිනීම පුරුදු කරන වීඩියෝවක් සමාජ ජාලයට මුදා හැර තිබෙනවා.

ඇය ඕස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ ජීවත් වන අතර තමන්ගේ දරුවාගේ දක්ෂතාව ගැන සිතා ආඩම්බර වන බවයි පවසන්නේ.

එම බිළිදාගේ මව ද පිහිනීමට දක්ෂ බවත් ඇය විසින් වෙනස් වූ ආකාරයෙන් දරුවාට එම ශිල්පය උගන්වන බවයි විදෙස් වාර්තා කියා සිටියේ.

කෙසේ වෙතත් අදාළ වීඩියෝව නැරඹු විශාල පිරිසක් එම කාන්තාවට චෝදනා එල්ල කර තිබෙනවා.

කුඩා දරුවාට අදාළ කාන්තාව වද දෙන බවත් එම වීඩියෝ  දර්ශනය රසවිඳිය නොහැකි බවත් චෝදනා එල්ලවී තිබෙනවා.

නමුත් ඊට ඇය කුපිත නොවු අතර ජනතාව අදාළ වීඩියෝව වැරදි කෝණයකින් දැක ඇති බවත් මෙවැනි පුහුණුවීම කුඩා කළ සිට දරුවාට ලබාදීමෙන් ඔවුන් ධෛර්වන්ත පුද්ගලයන් බවට පත්වන බවත් ඇය කියා සිටියා.