Friday, April 19, 2024

General line - 0115112241

රටවල් 47 ක ප්‍රධාන සංඝ නායක හිමිවරු පිරිසක් ජනපති හමුවෙයි




7 වන ලෝක බෞද්ධ සමුළුවට පැමිණි නියෝජිතයන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් අද (03) පස්වරුවේ සිදුවුණා.

, ජනාධිපති මන්දිරයේදීයි.

සාමාජික රටවල් 47 ක ප්‍රධාන සංඝ නායක හිමිවරු ප්‍රමුඛ ගිහි පැවිදි නියෝජිතයින් රැසක් ඒ සඳහා එක්ව සිටියා.

ජනාධිපතිවරයා එහිදී නියෝජිත පිරිස සමග සුහද කතාබහක නිරත වු බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය පැවසුවේ.

ලෝක සාමය උදෙසා බුදුදහම යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර ලෝක බෞද්ධ මහා සම්මේලනයේ 7 වන සමුළුව ලබන 7 වනදා දක්වා පැවැත්වෙනවා.