Tuesday, April 23, 2024

General line - 0115112241

කාදිනල් හිමියන්ගේ ටියුෂන් ප්‍රශ්නයට කඩිනම් පිළිතුරක් නැහැ (UPDATE)

කසුන් කැළුම්




ඉරිදා සහ පොහොය දිනවල උපකාරක පංති තහනම් කළයුතු බවට අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් කළ ඉල්ලීම පිළිබද තීරණයක් හදිසියේ ගත නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. උන්වහන්සේ ඊයේ (03) කියාසිටියේ තමන් මේ පිළිබද ජනාධිපතිවරයාද දැනුවත් කළ බවයි.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නෙත් නිවුස් වෙත කියාසිටියේ තමන් මේ පිළිබද ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි. අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයේ පවතින ගුරු හිගය ඇතුළු අඩුපාඩු සපුරාලමින් මේ පිළිබද අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් කියාසිටියේ.

--------------------------------------------------------------
පාසල් වෑන් රථ මාෆියාව ගැන කියන කාදිනල් හිමිපාණන්

03-11-2017 21:42

පාසල් වෑන් රථ මාෆියාව මව්පියන්ට හිසරදයක් බවට පත්ව ඇති බව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

මරදාන ශාන්ත ජෝෂප් විද්‍යාලයේ අද (03) පැවති කතෝලික ගුරු දින සැමරුම් උත්සවයට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.

පාසල් ළමුන් ප්‍රවාහනය කිරිම සඳහා මෙම පිරිස විවිධ මිල ගණන් අය කරන බවත් එය දෙමාපියන්ට දරාගත නොහැකි බවත් උන්වහස්සේ පෙන්වා දුන්නා.

එමෙන්ම ඉරිදා හා පසලොස්වක දිනයන්හීදි උපකාරක පන්ති පැවැත්වීම වැළක්වීම සඳහා පියවර ගන්නා ලෙස ද අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මෙහිදී සිහිපත් කර සිටියා.