Thursday, April 25, 2024

General line - 0115112241

හවුල් ව්‍යාපාර මගින් ණය බරින් නිදහස් වෙන හැටි

ටී කේ මහින්ද




මත්තල ගුවන් තොටුපොල ඉන්දීය සමාගමකට බදුදීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ හම්බන්තොට වීරවිල පශු සම්පත් මධ්‍යස්ථානය කේන‍්ද්‍රකර ගනිමින් පැවැත්වෙන යොවුන් කඳවුරේ උත්සවයකට එක්වෙමින්.

ඉන්දියාවෙන් වැඩි වැඩියෙන් පිරිස් පැමිණෙන්නේ නම් එය ශ්‍රී ලංකාවට අධික වාසියක් අත්කර දෙන බව ඔහු කියා සිටියා.

හවුල් ව්‍යාපාරයක් මගින් ණය බර නිදහස් කරගත හැකි බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

අග්‍රාමාත්‍යවරයා හම්බන්තොට වරාය සම්බන්ධයෙන්ද මෙහිදි අදහස් පළ කළා.‍ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනය සමග ඇති කර ගත් හවුල් ව්‍යාපාරයෙන් මෙවනවිට ආදායම් මාර්ග උදාවී ඇති බව අග්‍රාමාත්‍යවරයා පැවසුවා.