Friday, April 19, 2024

General line - 0115112241

BPL අද ඇරඹේ




බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය අද (04) ආරම්භ වනවා. ඒ සදහා තරග වදින කණ්ඩායම් සංඛ්‍යාව 7 ක්. ශී‍්‍ර ලංකාවෙන් කී‍්‍රඩකයින් දහතුන් දෙනෙකුද මෙම තරගාවලියට එක්ව සිටිනවා.

නුවන් කුලසේකර, ලසිත් මාලිංග, කුසල් ජනිත් සහ තිසර පෙරේරා මෙවර නියෝජනය කරන්නේ රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායමයි.

අකිල ධනංජය. ෂෙහාන් ජයසූරිය සහ සීක්කුගේ ප‍්‍රසන්න කුල්නා ටයිටන්ස් කණ්ඩායම නියෝජනය කරනවා. එම කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මහේල ජයවර්ධනයි.

උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, වනිදු හසරංග සහ චතුරංග ද සිල්වා මෙවර බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේදී සයිල් හෙට් සික්සර්ස් කණ්ඩායම නියෝජනය කරනවා. කුමාර් සංගක්කාර ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමත් ඩිල්ෂාන් මුණවීර චිතගොන්ග් කණ්ඩායමත් නියෝජනය කිරීමට නියමිතයි.

බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලිය ආරම්භ කරමින් අද තරග දෙකක් පැවැත්වෙනවා. පළමු තරගය සයිල් හෙට් කණ්ඩායම සහ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතයි. දෙවන තරගය රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම සහ රාජ්ෂායි කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වෙනවා.