Wednesday, April 24, 2024

General line - 0115112241

යෝගා අභ්‍යාසයේ යෙදුනු ඉන්දු ලංකා නාවික සෙබළුන්




ඉන්දීය සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරින් යෝගා අභ්‍යාසයක නිරතවී තිබෙනවා.

කොළඹ වරායේ දී මෙම අභ්‍යාසය පැවති බවයි මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කියා සිටියේ.

ඉන්දියානු නාවික හමුදාවට අයත් ධීර්, සුජාතා හා ඉන්දීය වෙරළාරක්ෂක සාරථි නම් නෞකා පසුගියදා කොළඹ වරායට සේන්දු වුණා.

දෙරට නාවික හමුදාව අතර ඇති මිත්‍රත්වය වර්ධනය කර ගැනීමේ අරමුණින් මෙම නෞකා ශ්‍රී ලංකාවට සේන්දු වු බවයි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේ.

මෙම නෞකා මගින් ශ්‍රී ලංකාවට පැමිණි ඉන්දීය නාවික සෙබළුන් හා මෙරට නාවික සෙබළුන් එක්ව මෙම යෝගා අභ්‍යාසයේ නිරතවූ බව සඳහන්.