Friday, March 29, 2024

General line - 0115112241

පසු පසට ධාවය වූ ලොරියක් කළ හානිය(PHOTOS)

කෑගල්ල - සමන් විජය බණ්ඩාර




පාරේ සංවර්ධන කටයුතු සඳහා යොදා ගත් ලොරියක් නවතා තිබියදී රියදුරා නොමැති ලොරිය පසුපසට ධාවනය වී කුඩා ලොරි රථයකට සහ ත්‍රීරෝද රථයකට මෙන්ම කුඩා කඩ කාමරයකට හානි විමේ පුවතක් හෙම්මාතගම තඹවිට හන්දිය අසළින් අද ( 04 ) දහවල් වාර්තා වුණා.

මාවනැල්ල හෙම්මාතගම නව මාර්ගය මේවන විට සංවර්ධන කටයුතු සිදු කරන අතර එහි සංවර්ධන කටයුතු සිදු කරන චින සමාගමට අයත් බර වාහානයක් මෙලෙස පසු පසට ධාවනය වි ඇති බව සඳහන්.

ලොරිය නවතා ඇත්තේ මාවනැල්ල දෙසට ඇති මංතීරුවේයි.

රියදුරා යම් කටයුත්තකට ලොරියෙන් බැස ඇති අතර එහිදී එය පසුපසට ධාවනය වි පාරේ අනික් පස නවතා තිබු ලොරි රථයට මෙන්ම ත්‍රිරෝද රථයක ගැටී තිබෙනවා.

මෙහිදී කුඩා කඩ කාමරයකටද හානි වි තිබු බව පොලිසිය පැවසුවා.