Friday, March 29, 2024

General line - 0115112241

අදත් තද වැසි




අද රාත්‍රි කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කැලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

විශේෂයෙන් මධ්‍යම සබරගමුව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට ඉදිරි පැය 24 තුළ මිලිමීටර් 100කට වැඩි තද වැසි අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලික තද සුළං ඇති විය හැකි බැවින් ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කෙරෙනවා.