Friday, April 19, 2024

General line - 0115112241

සයිටම් එරෙහි උද්ඝෝෂණයක් අනුරපුරේ




මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අනුරාධපුර නගරයේදී අද (04) සත්‍යග්‍රහයක් පැවැත්වුණා.

ඒ දිස්ත්‍රික් වෛද්‍ය ශිෂ්‍ය එකමුතුවේ දෙමාපිය සංගමයේ මැදිහත්වීමෙන්.

අනුරාධපුර නව බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙම සත්‍යග්‍රහය පැවැත්වුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

වෛද්‍ය පිඨ සිසුන්ගේ දෙමාපිය සංගමය විසින් ලබන 06 වැනිදා පැවැත්විමට නියමිත උපවාසයට සමගාමිව මෙම සත්‍යග්‍රහය ක්‍රියාත්මක කෙරුණා.

සිය දෙමාපියන්ගේ සත්‍යග්‍රහයට සහය දැක්වීම සඳහා වෛද්‍ය සිසුන් පිරිසක්ද එක්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු කියා සිටියේ.