Friday, March 29, 2024

General line - 0115112241

පාතාලය යළි හිස ඔසවලා

හර්ෂිකා සංජීවනී




වර්තමානය වනවිට පාතාලය දරුණු ලෙස හිස ඔසවා ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු සහන් කළේ එය ත්‍රස්තවාදයෙන් එල්ල වූ බලපෑමට වඩා භයානක වී ඇති බවයි.

තමන්ගේ පාලන සමයේ පාතාල යුගයද පාලනය කර තිබු බවයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ.

ඇතැම් පළාත්වල ජනතාව බියෙන් ජීවත්වීමේ පරිසරයක් උදාවී ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

දිනෙන් දින මෙම තත්ත්වයේ වර්ධනයක් පෙන්නුම් කරන බවද ඔහු පෙන්වා දුන්නා.

වර්තමාන ආණ්ඩුව මෙරට ඉතිහාසයට ද අවමන් කරමින් සිටින බවයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් සහන් කළේ.

බුදු දහමට අගෞරව කරන අතර ජාතික වීරයන් සල්ලාලයන් බවට ද විදහා දක්වන නිර්මාණ අද බිහි වෙමින් පවතින බවද ඔහු පෙන්වා දුන්නා.

හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ තංගල්ල ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.