Saturday, April 20, 2024

General line - 0115112241

පොල් හැංගුවොත් වැඩ වරදී

හර්ෂිකා සංජීවනී




 

පොල් තොග රැස්කර තබාගන්නා මහා පරිමාණ ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට පොල් වගාකිරීමේ මණ්ඩලය තීරණය කර තිබෙනවා.

එහි සභාපති කපිල යකන්දාවල කියා සිටියේ ඇතැම් පාර්ශව පොල්තොග රැස්කර තබාගනිමින් වෙළඳපොලේ කෘත්‍රිම හිඟයක් මවාපෑමට උත්සහ දරන බවයි.

එවැනි පිරිස් සොයා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු සඳහන් කළේ.

ලබන සතිය වනවිට පොල් මිලෙහි අඩුවීමක් අපේක්ෂා කරන බව ද මෙහිදී ප්‍රකාශ හෙතෙම සඳහන් කළා.