Friday, April 26, 2024

General line - 0115112241

කිරිඇල්ල සිසුවාගේ අභිරහස් මරණය ඝාතනයක් (VIDEO)




රත්නපුර - කිරිඇල්ල - කරදන ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි සිසුවාගේ මරණය ඝාතනයක් බව අනාවරණ වී තිබෙනවා.

මෙම සිසුවා අභිරහස් ලෙස මියගොස් සිටියදී ගල් තලාවකින් සොයා ගත් බවයි පොලිසිය පැවසුවේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු විසින් සිදුකරන ලද පාපොච්චාරණයෙන් පසු එය ඝාතනයක් බවට හෙළිවී තිබෙනවා.

පාසලේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මෙම සිසුවා පසුගිය 22 වනදා සිට අතුරුදන්ව සිටි බව සඳහන්.

ඔහුගේ සිරුර අද (04) පෙරවරුවේ සොයා ගත්තේ කරදන - කොලවත්ත - මල්කැලේ ප්‍රදේශයේ වන ලැහැබක ප්‍රපාතයක තිබියදී බව පොලිසිය කියා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් 42 හැවිරිදි එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැණුනු අතර, අනතුරුව සැකකරු ඊට අදාළව පාපොච්චාරණයක් සිදුකර තිබෙනවා.

එම පුද්ගලයා විසින් අදාළ සිසුවා අපයෝජනය කළ බවත් ඔහු පොලිසියටය පවසා තිබෙනවා.

එහිදී සිසුවාට හදිසි රෝගී තත්ත්වයක් ඇතිවූ බවත්, ඒ හේතුවෙන් මියගිය බව සිතා සිසුවා ප්‍රපාතයට දැමූ බවත් සැකකරු පාපොච්චාරණය කළ බව පොලීසිය කියා සිටියා.