Wednesday, April 24, 2024

General line - 0115112241

රජයේ ස්ථාවරය ගැසට් කරන්න

හේරත් ඒකනායක - මහනුවර




සයිටම් ආයතනය පිළිබඳ රජයේ ස්ථාවරය වහා ගැසට් කළ යුතු බව රජයේ වෛද්‍ය පීඨ දෙමව්පිය සංගමය පවසනවා.

එහි සභාපති වෛද්‍ය වසන්ත කුමාර කියා සිටියේ රජය ලබාදුන් තීරණය පිළිගත හැකි විසඳුමක් බවට පත්වන්නේ එය ගැසට් කළහොත් පමණක් බවයි.

සයිටම් ආයතනය පිළිබ ස්ථාවරය විශ්ව විද්‍යාල උපකුලපතිවරුන් විසින් අනුමත කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී මාධ්‍යවේදීන් රජයේ වෛද්‍ය පීඨ දෙමව්පිය සංගමයෙන් ප්‍රශ්න කළා.

ඔහු මේ බව කියා සිටියේ අද (04) පෙරවරුවේ මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

සිය ඉල්ලීම පරිදි සයිටම් ගැටලූව විසඳීමට මැදිහත් වීම සම්බන්ධයෙන් කෘතඥතාව පළකිරීම සහා ඔවුන් මෙලෙස අද (04) ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් බැහැදුටුවා.