Wednesday, April 24, 2024

General line - 0115112241

පක්ෂ භේදයකින් තොරව නීතිය ක්‍රියාත්මකයි




වත්මන් ආණ්ඩුව යටතේ වැරදි කරන සියලූ දෙනාට එරෙහිව කිසිදු දේශපාලන පක්ෂ භේදයකින් තොරව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම දඬුවම් ලබාදීම ද සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

එය යහපාලනයක තිබිය යුතු ප්‍රධාන ලක්ෂණයක් සේ සළකා කටයුතු කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

තීන්දු ගැනීමේදී ස්වාධීන කොමිෂන් සභාවලට බිය නොවන ලෙස ජනාධිපතිවරයා මෙහිදී රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළකළේ ඇළහැර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකෙරුණු නව ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද  (04) පෙරවරුවේ එක්වෙමින්.