Wednesday, April 24, 2024

General line - 0115112241

තෝමස් ෂැනන් දිවයිනට

ප්‍රබෝධා හෙට්ටිආරච්චි




අමෙරිකාවේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මෙරට සංචාරයක් සහා පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔහු ලබන සතියේ දිවයිනට පැමිණෙන බවයි අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ.

තෝමස් ෂැනන් හෙට (05) දිනයේ බංග්ලාදේශය බලා පිටත්වීමට නියමිතව තිබෙනවා.

එහිදී බංග්ලාදේශයේ මතුව තිබෙන රෝහින්ග්‍යා අර්බුදය සහ  කලාපීය ගැටලූ ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමටයි සැලසුම් කර ඇත්තේ.

තෝමස් ෂැනන් බංග්ලාදේශයේ සංචාරය නිමා කිරීමෙන් පසුව අනිද්දා පස්වරුවේ මෙරටට පැමිණීමට කටයුතු යොදා තිබෙන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සහන් කළා.

දිවයිනට පැමිණෙන තෝමස් ෂැනන් මෙරට ඉහල පෙළේ දේශපාලන නියෝජිතයින් කිහිපදෙනකු මුණගැසී සාකච්ඡා කිරීමට නියමිතයි.

එමෙන්ම මෙරට රාජ්‍ය නොවන සංවිධාන සමඟ ද ඔහු සාකච්ඡා කිරිමටයි සැලසුම් කර ඇත්තේ.

සාකච්ඡාවලින් අනතුරුව අමෙරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා ලබන 07 වනදා දිවයිනෙන් පිටත්ව යනු ඇති.