Saturday, April 20, 2024

General line - 0115112241

පුංචි ඡන්දේ නාමයෝජනා භාර ගැනීමේ දිනය මෙන්න

වසන්ත පිවිතුරු




පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම ලබන 27 වනදා සිට සිදු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය බවසනවා.

සියළු දේශපාලන පක්ස ලේකම්වරු සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි සභාපතිවරයා nethnews.lk වෙත කියා සිටියේ. 

දැනටමත් පළාත් පාලන මැතිවරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් වී ඇති අතර ලබන 27,28,29 සහ 30 යන දිනයන් හී නාම යෝජනා භාර ගැනීමට නියමිතයි.

30 වන දින දහවල් 12.00 දක්වා විරෝධතා ගොනු කළ හැකි බවයි මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ.

මැතිවරණයට අදාළ ගැසට් නිවේදනයට විෂයභාර අමාත්‍යවරයා මෙම මස 01 වැනිදා අත්සන් තැබුවා.

පක්ෂ නායකයන් සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව ලබන 27 වනදා නාමයෝජනා භාර ගැනීමට මැතිවරණ කාර්යාලය තීරණය කළ බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේ.