Thursday, April 25, 2024

General line - 0115112241

ඩිල්ෂාන්ට හිමි තැන කෝලි අත්කර ගනී 

කසුන් කැලුම්




ඉන්දීය කණ්ඩායම සමග පැවැති දෙවන පන්දුවාර 20 තරගය ලකුණු 40කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. 

රාජ්කෝට්හි පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය දෙවන පන්දුවාර 20 අවසානයේ කඩුලූ 2ක් දැවී ලකුණු 196ක් රැස් කළා. 

කොලින් මුන්ඩ්‍රො පන්දු 58කදී නොදැවී ලකුනු 109ක් ලබා ගත්තා.

ලකුණු 197ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායමට නියමිත පන්දුවාර විස්සේදී කඩුලූ 7ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 156ක් පමණයි. 

විරාත් කෝලි ලකුණු 65ක් රැස් කළා. ඒ අනුව විරාත් කෝලි පන්දුවාර 20 වැඩිම ලකුනු ලාභීන් අතර දෙවන ස්ථානය හිමිකර ගැනීමට ද සමත් වුණා. 

විරාත් කෝලි මේ වනවිට පන්දුවාර 20 තරග 54කට ක්‍රීඩා කරමින් ලකුණු 1892ක් රැස් කර තිඛෙනවා. 

එම සටහනේ ඉදිරියෙන් පසුවන්නේ නවසිලන්තයේ බ්‍රෙන්ඩන් මැකලම්. ඔහු තරග 70කදී ලකුණු 2140ක් රැස් කිරිමට සමත් වී තිඛෙනවා. තුන්වන ස්ථානයේ පසුවන්නේ තරග 80කදී ලකුණු 1889ක් රැස්කළ තිලකරත්න ඩිල්ෂානුයි.