Thursday, April 25, 2024

General line - 0115112241

දකුණු ආසියානු සංචාරක සම්මාන උළලේ දී ශ්‍රී ලංකාව ඉහළට ඔසවා තබයි (PHOTOS)




සංචාරක කර්මාන්ත කලාපයන් තුළ සේවා ප්‍රමිතින් වර්ධනය කිරිමේ  අරමුණින් දකුණු ආසියානු සංචාරක සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා මාලදිවයිනේ අද්දු නගරයේ දී පැවැත්වුණා.

මෙම සම්මාන උළලේ දී  බොහෝ සමාගම් ඇගයීමට ලක්වූ අතර සමාගම් රැසක් සම්මානයෙන් පිදුම් ලැබුවා.

මෙහිදී ශ්‍රී ලංකාවේ Casons Rent a Car Ltd සමාගමට ද සම්මාන දෙකක් හිමි වුණා. එමෙන්ම එම සමාගම ලබාදෙන සේවාව සම්බන්ධයෙන් මෙහිදී ජුරිය විශේෂ අවදානයකට ලක්කරනු ලැබුවා.

මෙම සම්මානය ලැබීමත් සමග ශ්‍රීලංකාවට  පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව වර්ධනයක් වන අතර සංචාරක කර්මාන්තය නඟාසිටුවීමට මෙය රුකුළක් වනු ඇතැයි විශ්වාසය කෙරෙනවා.

කළමනාකාර අධ්‍යක්ෂ සකිර් අහමඩ් සහ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරි සුෆර් අහමඩ් යන උපදෙස් අනුව ක්‍රියාත්මක වන Casons Rent a Car Ltd සමාගම අඛණ්ඩව වසර 30 කට වැඩි කාලයක් තිස්සේ සිය සේවාවන් පවත්වාගෙන ගොස් තිබෙනවා.

Findmyfare.com ශ්‍රී ලංකාව, අවිස් ඉන්දියාව, ප්‍රින්ස්ටි ට්‍රැවල්ස් ඉන්දියාව, භූතානය විදෙස් සංචාර සමාගම, නේපාල් හෝටල් සමාගම, ඉන්දියානු පුරවරය, ඉන්ටර් මාලදිවයින් හොලිඩේස්, ඉන්ටර්සන් චාරිකා සහ ට්‍රැවල්ස් ඉන්ඩියා, අයිරි හොඩේස් ඉන්දියා, මාර්වල් ටුවර්ස් ඉන්ඩියා, මූධු හොලිඩේස් මාලදිවයින, පැසිෆික් සංචාරක සහ නිවාඩු නිකේතනය නේපාල, රවීන්ද්‍ර ආගන්තුක සත්කාරක සමාගම, අර්නකුලම් කේරල ඉන්දියන් සමාගම, ස්පයිචලන්ඩ් හොලිඩේස් සහ විනෝදාස්වාදය ඉන්දියානු සමාගම, ට්රැට්නන් සංචාරක සේවා සමාගම සහ උදය ටුවර්ස් ඉන්දියා යන ආයතන ද  මෙම උලළේ දී සම්මානයට පාත්‍ර වූ සෙසු සමාගම් අතර වනවා.