Thursday, April 25, 2024

General line - 0115112241

ලකුණු 45 ක ජයක්




සංචාරක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග පැවති තුන්වන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 45ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් ඒ කණ්ඩායම ලකුණු 152ක් රැස්කළා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ වමත් වේග පන්දු යවන ක්‍රීඩක විමුක්ති පෙරේරා ලකුණු 25කට කඩුලූ 4යි. ළහිරු කුමාර සහ දසුන් ශානක කඩුලූ 2 බැගින් බි හෙලූවා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලූ දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 107ක් පමණයි.

පළමු එක්දින තරගය ශ්‍රී ලංකා පිල ජයගත් අතර, දෙවන තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා. ඒ අනුව තරගාවලිය නිම වූයේ 1ට එකක් ලෙස තරගවලිය සම වෙමින්.