Tuesday, April 16, 2024

General line - 0115112241

තෙල් අර්බුදයේ ඇත්ත මොකක්ද?



ඛනිජ තෙල් සංස්ථාවේ මේ වනවිට මතුව ඇති පෙට‍්‍රල් අර්බුදය ඉතිහාසයේ කිසිඳු අවස්ථාවක සිදුනොවූවක් බව සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ හිටපු රසායනාගාර ප‍්‍රධානී සිරිල් සුදුවැල්ල පවසනවා.

ඔහු මේ බව කියාසිටියේ ඊයේ (06) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින්.

පෙට‍්‍රල් තොග අවසන් බවට අසත්‍ය ප‍්‍රචාර පැතිර යාම හේතුවෙන් පෙට‍්‍රල් අර්බුදය හටගත් බවයි විෂයභාර අමාත්‍ය අර්ජුන රණතුංග ඊයේ කියාසිටියේ.

නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී මේ පිළිබදවද සංවාදයට ලක් වුණා.

එහිදී අදහස් දැක්වූයේ ශී‍්‍ර ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති බන්දුල සමන් කුමාරයි.

පෙට‍්‍රල් අර්බුදය සම්බන්ධයෙන් ඊයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.