Thursday, April 25, 2024

General line - 0115112241

රටේ ආර්ථිකයට ඉන්ධන බලපෑ හැටි

ඉෂාර සුපෙම් මානගේ




රටේ අපනයන අංශය ළඟා කරගත් ප්‍රගතිය අඩාල කරමින් ඉන්ධන ආනයන වියදම ඉහළ ගොස් තිබෙනවා.

මේ වසරේ පළමු මාස අට තුළ මෙහි සැළකියයුතු ඉහළ යෑමක් පෙන්නුම් කරන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ.

මේ අතරට සහල් සහ රත්තරන් අනයනයන්ද බලපා තිබෙනවා.

මේ හේතුවෙන් වසරේ පළමු මාස අට තුළදී සමුච්චිත වෙළඳ හිඟය තවදුරටත් පුළුල් වී තිබෙනවා.

විශේෂයෙන් මැද පෙරදිග කලාපයේ පවතින භූදේශපාලනික අවිනිශ්චිතතාවය හේතුවෙන් විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ තවදුරටත් අඩුවීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බවයි ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙන්නේ.