Thursday, April 18, 2024

General line - 0115112241

සංගා සහ හේරත් දෙපිළක - සටන චන්දිමාල් ඇතුළු කණ්ඩායමකට එරෙහිව

කසුන් කැලුම්




එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ටී ටෙන් කි‍්‍රකට් ලීග් තරගාවලියට එක්වන 'ටීම් ශ්‍රී ලංකා ක්‍රිකට්' සංචිතය නම් කර තිබෙනවා.

කී‍්‍රඩකයින් 16 දෙනෙකුගෙන් යුත් එම සංචිතයේ නායකයා ලෙස නම් කර ඇත්තේ දිනේෂ් චන්දිමාල්.

ලහිරු තිරිමාන්න, ඩිල්ෂාන් මුණවීර, කිත්රුවන් විතානගේ සහ ඇන්ජලෝ ජයසිංහ පිතිකරුවන් ලෙස මෙම සංචිතයට නම් කර තිබෙනවා.

තුන්ඉරියව් කී‍්‍රඩකයන් ලෙස නම් කර ඇත්තේ තිසර පෙරේරා, නිපුන් කරුණාරත්න, ඇන්ජලෝ පෙරේරා, අලංකාර අසංක සහ ෂෙහාන් ජයසුරියයි.

පන්දු යවන්නන් ලෙස විශ්ව ප‍්‍රනාන්දු, දුෂ්මන්ත චමීර, වනිදු හසරංග, සචිත‍්‍ර සේනානායක, කසුන් මධුසංක සහ ජෙෆ්රි වැන්ඩර්සේ නම් කර තිබෙනවා.

ලබන මස 21 වැනිදා සිට 24 වැනිදා දක්වා පැවැත්වෙන ටී ටෙන් කි‍්‍රකට් ලීග් තරගාවලියේ සියලූ තරග සාජා කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙනවා.

කණ්ඩායම් හයක් තරග වදින මෙම තරගාවලියට කුමාර් සංගක්කාර සහ රංගන හේරත් ද එක්ව සිටිනවා.

සංගක්කාර මෙහිදී නියෝජනය කරන්නේ මරාතා ඇරබියන්ස් කණ්ඩායමයි. රංගන හේරත් පන්ජාබි ලෙජන්ස් කණ්ඩායම නියෝජනය කරනවා.

මෙම තරගාවලියේදී එක් ඉනිමක් පන්දුවාර 10 කට සීමා වන අතර එක් තරගයක් මිනිත්තු 90 ක් තුළ පැවැත්විය යුතුයි.