Wednesday, April 24, 2024

General line - 0115112241

බෝම්බ තොගයක් මතු වෙයි (PHOTOS)

රොමේෂ් මධුෂංඛ - වන්නිය




මුලතිව් අවසන් යුද ගැටුම් පැවති වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ නිවසක් ඉදිකිරීම සඳහා බිම් සකසමින් සිටියදී  වලදමා තිබූ පුද්ගල නාශක බිම්බෝම්බ තොගයක් ඊයේ (07) සවස හමු වී තිබෙනවා.

එහිදි වලදමා තිබූ පුද්ගලනාශක බිම්බෝම්බ 50 ක් හා ෆියුස් 43 ක් සොයාගෙන ඇති අතර පසුව එම බෝම්බ තොගය වැඩිදුර නීතිමය කටයුතු සඳහා මුලතිව් පොලීසියට භාර දී තිබෙනවා.

වෙල්ලමුල්ලි වයික්කාල් මුහුදු තීරයේ පැවති අවසන් යුද ගැටුම්වලදී ආරක්ෂක අංශ ප්‍රහාර හමුවේ පලා ගිය කොටි සාමාජිකයින් විසින් මෙම බෝම්බ තොගය වලදමා පලායන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පළ කරනවා.