Saturday, April 20, 2024

General line - 0115112241

අධිවේගී මාර්ගයේ ආදායම බලාසිටියදී අඩුවෙයි

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි - හම්බන්තොට




පවතින පෙට්‍රල් හිඟය හමුවේ වාහන ගමනාගමනය අඩුවීම නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේද අදායම පහත වැටි ඇති බව අධිවේගී මාර්ග නඩත්තු මෙහෙයුම් හා කළමනාකරණ ඒකකය සඳහන් කරනවා.

වෙනත් සාමාන්‍ය දිනයන්ට වඩා එය කැපීපෙනෙන අඩුවීමක් බව අධිවේගී මාර්ග නඩත්තු මෙහෙයුම් හා කළමනාකරණ ඒකකයේ නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියා.

එම අදායම් පිළිබඳ සන්සන්ධනාත්මකව බැලීමේදී අධිවේගී මාර්ගයේ දෛනික අදායම සියයට විස්සකින් පමණ අඩු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සාමාන්‍යයෙන් දෛනික ආදායම රුපියල් ලක්ෂ 16කට වැඩි වන අතර ඉන්ධන හිඟය පවතින දිනවල දෛනික ආදායම රුපියල් ලක්ෂ 11කටත් අඩු වූ බවයි එම තොරතුරු අනාවරණය කරන්නේ. 

මේ අතර දකුණු පළාතේ බොහෝ ඉන්ධන පිරවුම්හල් තුල තෙල් තොග අවසන් වී තිබෙන අතර මේ නිසා එම ප්‍රදේශයන්හී ජනතාව දැඩි අසීරු තාවයන්ට ලක්වී සිටිනවා.